සෞදි යුද සැමරුමට බෝම්බ ප්‍රහාරයක්



 

සෞදියේ ජෙඩා නුවර පැවැත්වූ පළමු ලෝක යුද සැමරුමකට ඊයේ (11) බෝම්බ ප්‍රහාරයක් එල්ල විය.

ප්‍රහාරයෙන් සිවු දෙනකු තුවාල ලැබූ බවත් ඔවුන් කඩිනමින් රෝහල්ගත කෙරුණු බවත් වාර්තා වේ. සැමරුමට යුරෝපා රටවල් රැසක රාජ්‍ය තාන්ත්‍රිකයන් බොහෝ දෙනකු සහභාගී වී සිටි බව ද පැවැසෙයි.

පළමු ලෝක යුද්ධය පැවැතියේ 19174 වසරේ සිට 1918 තෙක් කාලයේය. ජර්මනිය සහ මිත්‍ර පාර්ශ්වීය රටවල් අතර ඇති කරගත් එකඟතාවකට අනුව යුද්ධය නිමාවට පත් විය. පළමු ලෝක යුද්ධයේ අවසානය සනිටුහන් වී වසර 102 ක් සපිරේ.

බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් අතර ග්‍රීක ජාතිකයකු සිටින බව ග්‍රීසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ප්‍රහාරය එල්ල කළේ කවුරුන්දැයි මෙතෙක් අනාවරණය වී නැත.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල් සෞදියේ රැඳී සිටින ඔවුන්ගේ වැසියන්ට පවසා ඇත්තේ ආරක්ෂාව තහවුරු වනතුරු ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීමෙන් වලකින ලෙසය.

ජෙඩා නුවරදීය (රොයිටර්)


RECOMMEND POSTS