සෞදි තෙල් නැව් දෙකකට හානි කරලා



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට ඔබ්බෙන් මුහුදේ දී තමන්ගේ තෙල් නැව් දෙකකට කිසියම් කඩාකප්පල්කාරීන් පිරිසක් හානි සිදු කර ඇති බව සෞදි අරාබිය කියයි.

සෞදිය පමණක් නොව, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ද චෝදනා කරන්නේ එය ඉරානය විසින් සිදු කරනු ලැබූ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවය.

ඇමෙරිකාව සහ ඉරානය අතර මේ වනවිට අර්බුදයක් පවතී. ඇමෙරිකා සම්බාධක නිසා ඉරානයට ඔවුන්ගේ තෙල් අලෙවි කටයුතු කර ගැනීමට නොහැකි වී ඇත. මේ නිසා ඉරානය සෞදියේ තෙල් සැපැයුමට බාධා කිරීමට උත්සාහ ගන්නා බව සෞදිය වැඩි දුරටත් කියා සිටී.

ඩුබායිහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS