සෞදි කතුන්ට පැසිපන්දු නැරඹීමට අවසර



සෞදි අරාබියේ ජෙඩා නුවර පිහිටා ඇති අල්-ජව්හාරා ක්‍රීඩාංගණයේ පැවති පැසි පන්දු අවසාන මහා තරඟ නැරඹීම සඳහා සෞදි කාන්තාවන්ට අවසර ලබා දී ඇති අතර විශාල කාන්තාවන් ප්‍රමාණයක් තරඟය නැරඹීම සඳහා පැමිණ සිටි බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

සෞදි කාන්තාවන් අතර ක්‍රීඩාව ජනප්‍රිය කිරීම ඉතා අතාවශ්‍ය දෙයක් බව සුරා කවුන්සිල සාමාජික හා ජෙඩා කාන්තා පැසිපන්දු සමාජයේ නිර්මාතෘ,ලීනාඅල්-මෙනා අවධාරණයෙන් කියා සිටියාය.  

පියයුරු පිළිකා හඳුනාගැනීම සඳහා පැවැත්වෙන වෛද්‍ය පරීක්ෂණ පිළිබඳ කාන්තාවන් දැණුවත් කිරීමේ වැඩසටහනකට සමගාමීව පැසිපන්දු තරඟ සංවිධානය කර ඇත.

රියාද්, ජෙඩා සහ දමම්ම් යනනගර වල පිහිටා ඇති ක්‍රීඩාංගන තුනක පැවැත්වෙන පාපන්දු තරඟ සඳහා සහභාගිවීමට සෞදි කාන්තාවන්ට දැනටමත් අවසර ලබාදී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS