සෞදි කටාර් අර්බුදයට හේතුව ජනාධිපති ට්‍රම්ප්



සෞදි අරාබිය සහ කටාර් රාජ්‍යය අතර අර්බුදයක් නිර්මාණය වූයේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ සෞදි සංචාරයෙන් පසුව යැයි ඉරානය කියයි.

මේ බව කියා සිටියේ ඉරාන ජනාධිපති හසන් රොව්හානි වෙනුවෙන් ජනපති ලේකම් හමීඞ් අබුටලේබීය.

සෞදි සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපති ඇමෙරිකන් ඩොලර් බිලියන 110 ක අවි ආයුද සහ යුදෝපාකරණ තොගයක් සෞදියට ලබා දුන්නේ ආධාර වශයෙනි.

සෞදිය සහ කටාරය අතර මත ගැටුම් නිර්මාණය වීමට හේතුවක් වූයේ එම සිදුවීමය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS