සෞදි උගතුන් නොසලකා හරිනවා



ආචාර්යවරුන් ලෙස සෞදි රජයේ විශ්වවිද්‍යාල සේවය කිරීමට සෞදි උගතුන්ට අවස්ථාවක් නොදෙන බව ඉහළ සුදුසුකම් ඇති රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් චෝදනා කරන බව සෞදිගැසට් වෙබ් අඩවිය වාර්තා කළේය.

අඩු සුදුසුකම් ඇති විදේශිකයන් ආචාර්යවරුන් ලෙස ඉහළවැටුපකට තුනවන ලෝකයේ රටවලින් බඳවා ගන්නා බවට ඔවුන් චෝදනා කරයි. 

අධ්‍යාපන සුදුසුකම් අනුවසෞදි පුරවැසියන්ට මුල්තැන ලබාදිය යුතු බව ඔවුන් පෙන්වා දෙයි.

පුවත්පත්වල දැන්වීම් පළ කිරීමෙන් පසු, අවශ්‍ය සුදුසුකම් සහිත පුද්ගලයින් ඉල්ලුම් නොකළ නිසා විශ්වවිද්‍යාලයේ පවතින පුරප්පාඩු පිරවීමටසුදුසුකම් සහිත විදේශිකයන් ආචාරවරුන් ලෙස සේවයට බඳවාගත් බව කාලීඩ් රජු විශ්වවිද්‍යාලය ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(සෞදිගැසට්)


RECOMMEND POSTS