සෞදි අරාබියේ අධිවේගි මාර්ගයක රිය අනතුරකින් යුරෝපීය ජාතික වන්දනාකරුවන් 5දෙනෙකු මියයයි



 

සෞදි අරාබියේ අල්- හිඩ්‍රා අධිවේගි මාර්ගයේ සිදුවූ මාරක රිය අනතුරකින් යුරෝපීය ජාතික වන්දනාකරුවන් 5දෙනෙකු මියගොස් ඇති බව අක්බාර්24 ප්‍රවෘත්ති සේවය වාර්තා කලේය.

මෙම පුද්ගලයින් මදීනා නුවර සිට මක්කම දක්වා කුඩා ප්‍රමාණයේ බස්රථයකින් ගමන් කරමින් සිට ඇති අතර බස්රථය අධිවේගි මාර්ගයෙන් ඉවතට පැන පෙරලී යෑම නිසා එම ස්ථානයේදීම ඔවුන් ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙම අනතුරින් පුද්ගලයින් 7දෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර ඉන් 3දෙනෙකුගේ තත්වය බරපතල බව අක්බාර්24 ප්‍රවෘත්ති සේවය වැඩිදුරටත් වාර්තා කලේය.

තුවාලකරුවන් ප්‍රතිකාර ලබාදීම සදහා වාඩි අල්-ෆේරියා රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර  පොලීසිය විසින් සිදුකරන ලද මුලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ මෙම බස්රථය අධික වේගයෙන් ගමන්කර ඇති බවයි. 

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක 


RECOMMEND POSTS