සෝමාලියාවට කටාරයෙන් වරාය නගරයක්



සෝමාලියාවේ හොබෝයෝ හි අලුතින් වරාය නගරයක් ඉදිකිරිමට කටාර් රාජ්‍යය සූදානම් වෙයි. කටාර් රජය මෙම වරාය නගරය සඳහා අනුග්‍රහය දක්වන්නේ ගල්ෆ් කලාපීය සෙසු රටවලින් එල්ල වන අභියෝග හමුවේ ඉදිරියට යෑමට යැයි ද පැවැසෙයි.

හොබෝයෝ හි ඇත්තේ බැබ් එල් මැන්ඩෙබ් සමුද්‍ර සන්ධියයි. ජාත්‍යන්තර වෙළෙඳපොළ හා සම්බන්ධ මුහුදු මාර්ග රැසක් මෙම සමුද්‍ර සන්ධිය හා සම්බන්ධ වෙයි.

නව වරාය නගරය ඉදිකිරීම සම්බන්ධයෙන් කටාර් වරාය කළමණාකරන අමත්‍යාංශය සහ සෝමාලියානු රජය අතරේ සාකච්ඡා මේ වනවිටත් ආරම්භ වී ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS