සේවකයන් 1,200 ක් ගෙදර යවයි



එතිහාඩ් ගුවන් සමාගම සේවකයන් 1,200ක් ඉවත් කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

එයාර්බස් ඒ380 සහ ඒ350 වර්ගයේ ගුවන් යානා භාවිතයෙන් ඉවත් කිරීමට ගුවන් සමාගම කටයුතු කිරීම හේතුවෙන් අදාල සේවක සංඛ්‍යාව ඉවත් කිරීමට ගුවන් සමාගමට සිදු වී ඇති බව ගුවන් සමාගමට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.

කොරෝනා වසංගතය හේතුවෙන් ගුවන් සමාගමට සිදු වු පාඩුව යථා තත්ත්වයට පත් වීම සඳහා වසර ගණනාවක් ගත වනු ඇති බවට එතිහාඩ් ගුවන් සමාගම විශ්වස පළ කරනවා.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS