සෙරකම් කරන කාන්තාවන් දෙදෙනෙක් කුවේට් පොලීසිය සොයයි



කුවේට් කාන්තාවන් දෙදෙනෙකු විසින් සිදුකරන සොරකම් සම්බන්ධයෙන් කුවේට් පොලීසිය මේ වනවිටත් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය. 

මෙම කාන්තාවන් දෙදෙනාගෙන් එක් කාන්තාවක් සුපිරි  වෙළදසැල් වලට පැමිණෙන කාන්තාවන්ගේ අවධානය බලහත්කාරයෙන්ම වාගේ වෙනතකට යොමු කරන අතර අනිත් කාන්තාව විසින් අවධනය ගිලිහි ගිය සැනින් ඔවුන් සතුව ඇති අත්බෑග් සහ වටිනා දේවල් සෙරා ගෙන බුර්කාව තුල සගවාගෙන එම ස්ථානයෙන් පිටවී යන බව කරන ලද මූලික පරීක්ෂණ වලදී අනාවරණයවී ඇත. 

පසුව එම කාන්තාවන් භාණ්ඩ ගැනීමෙන් පසු මුදල් ගෙවීම සදහා කවුන්ටරය වෙත ගිය පසු තම අත්බෑගය අස්ථාන ගතවී ඇති බව අවබෝධ වේ.

මෙවැනි සිද්ධි කීපයක් වාර්ථාවීමෙන් පසු අල් අහමඩි ආණ්ඩුකාර ප්‍රෙද්ශයේ ඇති සාප්පු සංකීර්ණ වල ආරක්ෂිත කැමරා සවිකරන ලදී. 

මෙම කාන්තාවන් දෙදෙනා විසින් මහළු කාන්තාවකගේ අත්බෑගය සොරාගන්නා ආකාරය සවිකරන තිබු ආරක්ෂිත කැමරාවක සටහන්වී ඇත.

තවත් මෙවැනි සිද්ධියකට මුහුණ දුන් කාන්තාවක් තමන් විසින් ගත් භාණ්ඩ මිලදී ගැනීම සදහා කවුන්ටරය වෙත මුදල් ගෙවීමට ගිය අවස්ථාවේදි ඇයගේ අත්බෑගය කවුරුන් විසින් සොරාගෙන ඇති බව අවබෝධ වී ඇත. 

පසුව ඇය සුපිරිවෙළද සැලේ සවිකර ඇති ආරක්ෂිත කැමරා වල සටහන්ව ඇති දර්ශන ලබාගෙන සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර ඇත.  

පොලීසිය කාන්තාවන් දෙදෙනා හදුනා ගැනීම සදහා  මේවන විටත් පුළුල් පරීක්ෂණයක් ආරම්භකර ඇත. 

 

 (ජි.ඩි.එන් ඔන්ලයින්පුවත් ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක 


RECOMMEND POSTS