සුනාමියකුත් කඩා වදී



භූමි කම්පාවෙන් පසු, මුහුද කැලඹී යෑමෙන් තුර්කියටත් ග්‍රීසියටත් සුනාමියක් කඩා වැදුණු බව වාර්තා වේ.

තුර්කිය සහ ග්‍රීසිය කලඹවමින්, භුමිකම්පාව හටගත්තේ ඊයේ (30) දිනයේය. භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 7 ක් සටහන් කළේය.

භූමි කම්පාව හටගත්තේ මුහුදු පතුළේය. සුනාමි රළ කඩා වැදුණේ පැය කීපයක් ගත වෙද්දීය.

භූමි කම්පාවෙන් දරුණු හානි සිදුවූයේ තුර්කියේ වෙරළාශ්‍රිත ඉස්මීර් නගරයටත් ග්‍රීසියට අයත් සාමෝස් දූපතටත්ය. භූමි කම්පාව හේතුවෙන් ගොඩනැගිලි සහ නිවාස මුළුමනින්ම බිමට සමතලා වී ගියේය.

භූමි කම්පාවෙන් සිදුවුණු මරණ 27 ක් බවත් 800 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත් වාර්තා වේ. සුන්බුන් අතරේ සිරවුණු පිරිස් සොයමින් දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් සිදුවෙමින් පවතී.

(රොයිටර්)


RECOMMEND POSTS