සීතල දරාගන්න බැරිව මැරිලා



සිරියාවේ යුද ගැටුම්වලින් බේරී, අසල්වැසි ලෙබනනයට පලා යෑමට තැත් කළ සිරියානු සිවිල් වැසියන් 10 දෙනකු ජීවිතක්ෂයට පත් ව ඇතැයි ලෙබනන ආරක්ෂක අංශ නිවේදනය කරයි.

පිරිස මියගොස් ඇත්තේ සිරියා ලෙබනන් දේශසීමාවේදී ප්‍රචණ්ඩ හිම කුණාටුවකට හසුවීමෙන් යැයි ද පැවැසෙයි.

සීතල දරා ගැනීමට නොහැකිව මියගිය පිරිස අතර දරුවන් දෙදෙනකු සහ කාන්තාවන් සය දෙනකු සිටින බව ද ලෙබනන් ආරක්ෂක අංශ වැඩි දුරටත් කියා සිටී.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS