සිරියාවේ ඉලක්කවලට ඊශ්‍රායලය පහර දෙයි



සිරියාවේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව පවසයි.

ඊශ්‍රායලය මෙසේ ගුවන් ප්‍රහාර එල්ල කර ඇත්තේ සිරියාව භූමියේ සිට මිසයිල ප්‍රහාර එල්ල කිරීමට එකට එක කිරීමක් ලෙස යැයි වාර්තා වේ.

වසර 2011 මාර්තු මාසයේදී සිරියානු සිවිල් යුද්ධය ආරම්භ වීමෙන් පසු රටවල් දෙක අතර මෙවැනි බරපතල සිදුවීමක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වන අතර එසේ වුවද දෙරට අතර නිහඬ යුද්ධයක් පවතින්නේ කාලයක සිටය.

ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කිරීමත් සමඟ සිරියාව නැවතත් මිසයිල ප්‍රහාර එල්ල කර ඇති අතර ඊශ්‍රායල ජෙට් යානා ඉලක්ක කරගනිමින් මිසයිල ප්‍රහාර එල්ල කර ඇතැයි ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කළේය.

අල් ජසීරා ඇසුරිනි


RECOMMEND POSTS