සිරියාවේ ඇෆ්රින් පළාත වටලයි



සිරියාවේ කුර්දි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ පවතින ඇෆ්රින් පළාත වට කිරීමට තම හමුදා සමත් වී සිටින බව තුර්කි රජය නිවේදනය කරයි.

තුර්කි හමුදා සොල්දාදුවන්, සිරියාවේ කුර්දි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ පවතින ඇෆ්රින් පළාතට ඇතුළුවීමට සූදානමින් සිටින බවත්, ඔවුන් කොයිමොහොතේ හෝ ඇෆ්රින් පළාතට ඇතුළු වනු ඇති බවත් තුර්කි ජනාධිපති රිජෙප් තායිප් ඇර්ඩොවාන් පවසා ඇත.

ත්‍රස්තවාදීන් මුලිනුපුටා දමා මිසක් ඇෆ්රින් පළාත මුල්කොටගෙන ආරම්භ කළ සටන් අවසන් නොවන බව තුර්කි ජනාධිපතිවරයා ප්‍රතිඥා දී ඇත. සිරියාවේ ඇෆ්රින් පළාතේ කුර්දි බෙදුම්වාදී ත්‍රස්තයන්ට එරෙහිව තුර්කි රජයේ මෙහෙයවීමෙන් එරට හමුදාව ආරම්භ කළ යුද මෙහෙයුම නම් කර ඇත්තේ ‘ඔලිව් බ්‍රාන්ච්’ යන නමිනි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS