සිරියානුවෝ 50,000 ක් කොටුවෙලා



ගැටුම් නිසා බලා යමින් සිටින සිරියානු සිවිල් වැසියන් 50,000 ක පිරිසක්, සිරියානු ජෝර්දාන දේශසීමාවේ කොටුවී සිටිනවා යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.

මෙම සරණාගතයන්ගෙන් වැඩි දෙනා කාන්තාවන් සහ දරුවන් බව ද පැවසෙයි. ඔවුන් ජෝර්දානයට පලා යෑමට උත්සාහ ගත් නමුත් හදලාත් දේශසීමා පිවිසුම් මාර්ගයේ දී ඔවුන්ට ජෝර්දාන ආරක්ෂක අංශ බාධාවක් වී ඇත.

සිරියාවේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන තක්ෆීරි දයේෂ් ත්‍රස්තවාදීන් ජෝර්දානයට ද තර්ජනයකි. පසුගිය වසරේ එම ත්‍රස්තවාදීන් සිදු කළ බෝම්බ පිපිරීමකින් ජෝර්දාන සොල්දාදුවෝ හත් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS