සිරියා නගරය මුදා ගන්න හැටි තුර්කිය ඇමෙරිකාවට පහදා දෙයි



අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය සහ ඔවුන්ට සහාය දක්වන ‘තක්ෆීරී’ ත්‍රස්තයන්ගේ ග්‍රහණයේ පවතින සිරියාවේ රක්කා නගරය මුදා ගැනීමේ සැලැසුම් දෙකක් සකස් කරමින්, එම සැලැසුම් සිදු කරන අයුරු ඇමෙරිකාව සමඟ සාකච්ඡා කිරීමට තුර්කි රජය සහ ආරක්ෂක අංශ කටයුතු කර ඇත.

සිරියාවේ අසල්වැසියකු ද වන තුර්කිය නේටෝ සාමාජික රාජ්‍යයකි. ඇමෙරිකන් හමුදා කඳවුරු තුර්කියේ පිහිටුවා ඇත. 

සිරියාවේ රක්කා නගරය මුදා ගැනීමට තුර්කියේ එම සැලැසුම් තුර්කි හමුදාපති හුලූසි අකාර් විසින් ඇමෙරිකන් හමුදා ප්‍රධානී ජෝසෙප් ඩන්ෆර්ඞ්ට පැහැදිලි පහදා දෙනු ලැබුණි. ඒ, තුර්කියේ අන්කාරා නුවරදීය.

තුර්කි හමුදාව සහ බුද්ධි අංශ එක්වී, ඇමෙරිකන් ගුවන් හමුදාවේ ද සහාය ඇතිව රක්කා නුවර ත්‍රස්තවාදීන්ගෙන් මුදාගැනීමට නියමිත බව ද වාර්තා වේ.

 

(ප්‍රෙස්ටීවී)


RECOMMEND POSTS