සියළුම ගුවන් ගමන් නැවත දැණුම් දෙනතුරු අත්හිටුවයි



කටාර් රාජ්‍ය සමඟ පවත්වා ගෙන යනු ලබන සියළුම ගුවන් ගමන් ජුනි06 උදෑසන සිට නවතා දැමීමට තීරණය කළ බව එමිරේට් රාජ්‍යයේ දෙවන විශාලතම ගුවන් සමාගම වන එටිහාඩ් ගුවන් සමාගම නිවේදනය කරයි.

සෞදි අරාබිය, බහරේන්, ඊජිප්තුව සහ එමිරේට් රාජ්‍යයන් කටාර් රජ්‍යය සමඟ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයන් අත්හිටු වීමට ගනු ලැබු තීරණය හේතුවෙන්එටිහාඩ් ගුවන් සමාගම සියළු ගුවන් ගමන් නැවත දැණූම් දෙන තුරු අත්හිටුවීමට කටයුතු කර ඇත.

අබුඩාබි නුවර සිට දෝහා දක්වා ගමන් ගන්නා අවසාන ගුවන් යානාය ජුනි 06වන දින පෙ:ව 2.45ටත් දෝහා සිටි අබුඩාබි නුවර දක්වා පැමිණෙන අවසාන ගුවන් යානාය පෙ:ව 4..00ට පිටත්වන බවත්, ජුනි 05 දින පුසුරුදු පරිදි ගුවන් ගමන් ක්‍රියාත්මක වන බවත්, ආසන වෙන්කරන ලද ගුවන් මඟීන්ට විකල්පයන් හෝ මුදල් නැවත ලබා දෙන බව  එටිහාඩ් ගුවන් සේවයේ ප්‍රකාශයකු ඇරේබියන් බිස්නස් වෙබි අඩවියට ප්‍රකාශ කර ඇත.

වැඩි විස්තර දැනගැනීම සඳහා +971 (0) 2599 0000 දුරකථන අංකය අමතන ලෙසත්, එසේ නොමැති නම් ගුවන් සමාගමේ නිල වෙබ් (www.etihad.com.) අඩවියට පිවිසෙන ලෙස එටිහාඩ් ගුවන් සමාගම ගුවන් මගීන්ගෙන් ඉල්ලීමක් කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ඇරේබියන් බිස්නස් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS