සිගරට් පෙට්ටි 12,000 වඩා අල්ලයි



ඕමාන මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ප්‍රවාහනය කරමින් තිබු විශාල පරිමාණයේ සිගරට් අසුරන ලද පෙට්ටි 12,000කට වඩා වැඩි සංඛ්‍යාවක් සහ හපන දුම්කොළ පැකට් 4,000ක් අල්ලාගැනීමට සමත් වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබු ට්‍රක්රථයක සඟවා තිබියදී සිගරට් පෙට්ටි 12,000ක්, හපන දුම්කොළ පැකට් 4,000ක් සොයාගත් බවත් සෝහාර් හි සේවය කරන ආසියාතික ට්‍රක්රථ රියදුරා අත්අඩංගුවට ගත් බව ඕමාන රාජකීය පොලීසියේ උසස් නිලධාරියකු ප්‍රකාශ කළේය.

නීතිවිරෝධි භාණ්ඩ ප්‍රවාහනය කිරීම හේතුවෙන් ට්‍රක්රථ රියදුරාට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බව උසස් නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS