සයිබර් ප්‍රහාරයක්



සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට අයත් වෙබ් අඩවියට සෞදි හැකර් කණ්ඩායමකින් සයිබර් ප්‍රහාරයක් එල්ල වීඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

“අබු තරීකම්-මිෂාල් අල්-එන්සි’’ යන නමින් හඳුන්වනු ලබන කණ්ඩායමක් සයිබර් ප්‍රහාරය එල්ල කර ඇති බව පරිගණක පද්ධති ආරක්ෂක විශ්ලේෂකයින් ප්‍රකාශ කර ඇත..

සාමාන්‍ය පරිගණක පරිශීලකයෙකු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ වෙබ් අඩවියට ඇතුල් වන ආකාරයෙන් ඇතුලු වීප්‍රහාරයට අවශ්‍ය වනපරිසරය නිර්මාණයකිරීමෙන් පසු ප්‍රහාරය එල්ල කර ඇති බව මුලික පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති බව වාර්තා වේ.

විවිධ වර්ගයේ විඩියෝ, සංගීත කොටස් සහ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල කළ බවට දැක්වෙන ඡායාරූප කීපයක් වෙබ් අඩවියේ පළ කර ඇති බවත් වෙබ් අඩවියේ අභ්‍යන්තරයට ගොස් වැඩි හානියක් සිදුකිරීමට හකර්වරුන්ට හැකියාව ලැබී නොමැති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයන් ආරම්භ කිරීමට කටයුතු කළ බවත් ප්‍රහාරයට සම්බන්ධ සියලුම පුද්ගලයින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්ම කරන බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS