සමාගම් 100ක් අත්හිටුවයි



ඕමානයේ ලියාපදිංචි විදේශ ආයෝජන සමාගම් සීයයක් (100) අත්හිටුවීමට වානිජ හා කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

පනවා ඇති විදේශ ආයෝජන නීතිරීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අදාල සමාගම් අත්හිටුවීමට අමාත්‍යාංශය කටයුතු කර ඇත.

2018 වර්ෂය අවසන් වනවිට විදේශ ආයෝජන සමාගම් 10,392ක් අමාත්‍යාංශයේ ලියාපදංචි වී ඇති බව වානිජ අධ්‍යක්ෂ ජෙනරාල්, මුබාරක් බින් මොහොමඩ් අල්-දෝනායි ප්‍රකාශ කළේ ය.

ඕමානය තුල ආයෝජනය සිදුකරන දේශීය සහ විදේශීය සමාගම්වලට පහසුකම් රැසක් සපයා දීමට අමාත්‍යාංශ්‍ය පියවර ගෙන ඇති බව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS