සභපතිනිය ලෙස පත් කරයි



ඩුබායි සංස්කෘතික හා කලා අධිකාරියේ සභාපතිනිය ලෙස ෂයිකා ලතීෆා බින්ට් මොහොමඩ් බින් රෂීඩ් අල්-මක්ටූම් පත් කර ඇත.

සභාපතිනිය ලෙස ඇයව පත් කරන ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප-ජනාධිපති, අගමැති සහ ඩුබායි පාලක, ෂයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් නියෝග කර ඇත.

“අපට අවශ්‍යයි ඩුබායි නුවර ලෝක මට්ටමේ සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත් කරන්න, ඇයට සහ ඇගේ කණ්ඩායමට සුභපතනවා. මාසයක් ඇතුලත නව දැක්මක් අපේක්ෂා කරනවා.’’ යනුවෙන් ඩුබායි පාලකයා සිය ට්ව්ටර් සමාජ ජාල ගිණුමේ පළ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS