සංචාර එපා



සිම්බාබ්වේ රාජ්‍යය පුරා පැතිරී යන කොලරා සහ උණ සන්නිපාත වසංගත තත්ත්වය හේතුවෙන් වඩාත් ආරක්ෂාකාරි පියවරයන් අනුගමනය කරන ලෙස එරට සිටින ඕමාන ජාතිකයන් දැණුවත් කිරීමට දකුණු අප්‍රිකාවේ පිහිටි ඕමාන් තානාපති කාර්යාලය කටයුතු කර ඇත.

රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසත් හැකිතාක් වෛද්‍ය උපදෙස් පමණක් පිළිපදින ලෙස තානාපති කාර්යාලය උපදෙස් නිකුත් කර ඇත.

අත්‍යාවශ්‍ය කාරණයකට පමණක් සිම්බාබ්වේ රාජ්‍යයේ සංචාරය කරන ලෙස තානාපති කාර්යාලය ඕමාන ජාතිකයන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS