වෙළඳ කටයුතු නවත්වනවා: කටාරය කියයි



කටාර් රාජ්‍යය සියළුම වාණිජ කටයුතු නතර කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

සියළුම වෙළඳසැල් මැයි මාසය අවසන් වන තෙක් වසා තබන ලෙස නියෝග කර ඇති අතර, ඖෂධ වෙළඳසැල්, ආහාර සැපයුම් සහ බෙදා හැරීමේ වෙළඳසැල් විවෘත කර තැබීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

කටාර් රාජ්‍යයේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 52,907 දක්වා ඉහළ ගොස් ඇති අතර, කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයන් 36 දෙනෙක් ජිවිතක්ෂයට පත් වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, දෝහා නුවර)

RECOMMEND POSTS