වෙරළ තීරය ජනතාවට විවෘත කරයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ රාස් අල්-කයිමා වෙරළ තීරය මහජනතාවට විවෘත කර ඇති බව වාර්තා වේ.

සියළුම ආරක්ෂිත ක්‍රියාමාර්ග සහ විෂබීජහරණ ක්‍රියාවලිය අවසන් කිරීමෙන් පසු මහජනතාවට විවෘත කිරීමට කටයුතු කර ඇත.

කෙසේ වෙතත්,වයස අවුරුදු 12 ට අඩු ළමයින්ට සහ 60 ට වැඩි වැඩිහිටියන්ට වෙරළ තීරයට පිවිසීමට අවසර ලබාදී නොමැත.

වෙරළ තීරයට පැමිණෙන විට මුහුණු  ආවරණ සහ අත්වැසුම් පැළඳිම අනිවාර්ය කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(කලීජ්ටයිම්ස්, රාස් අල්-කයිමා නුවර)

RECOMMEND POSTS