විවෘත කරන්නේ ට්‍රම්ප්



ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසලම ලෙස පිළිගනිමින්, ජෙරුසලමට මාරු කෙරුණු ඇමෙරිකන් තානාපති කාර්යාලය, විවෘත කිරීම ලබන මැයි මාසයේ දී සිදුවනු ඇති බවත්, තානාපති කාර්යාලය විවෘත කිරීම සඳහා ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට අතින් සිදුවනු ඇති බවත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු කියයි.

ජෙරුසලම තම අගනුවර ලෙස ඊශ්‍රායලය පමණක් නොව, පලස්තීනය ද අයිතිවාසිකම් කියයි. එහෙයින්, ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර බවට පත් කිරීමට ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් ගත් තීරණය මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් විය.

ජෙරුසලමේ ඇමෙරිකන් තානාපති කාර්යාලය විවෘත කිරීමට තමන් ඊශ්‍රායලය බලා යන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කිසිවක් පවසා නැත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS