විදේශීය වෛද්‍යවරු 350 ගනියි



කුවේට් රජය විදේශීය වෛද්‍යවරු තුන්සිය පනහක් බඳවා ගැනීමට කටයුතු කරන බව වාර්තා වේ.

කුවේට් රෝහල්වල සහ සෞඛ්‍ය මධ්‍යස්ථාවල පවතින පුරුප්පාඩු පිරවීම සඳහා විදේශීය වෛද්‍යවරු බඳවා ගැනීමට කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

පලස්තීන සහ ජෝර්දාන් වෛද්‍යවරුන්ට දැනටමත් සම්මුඛ පරික්ෂණ පවත් වන අතර 2019 වර්ෂය අවසන්වීමට පෙර සියළුම වෛද්‍යවරුන් බඳවාගැනීමට අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත.

ඉන්දියානු සහ පිලිපීනහෙදියන් 500 ක් සහ කාර්මික ශිල්පීන් බඳවා ගැනීමටද තීරණය කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS