විදේශ ඇමතිට කොරෝනා එන්නත



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතා අමාත්‍යවරයාට කොරෝනා එන්නත ලබා දී ඇති බව වාර්තා වේ.

කොවිඩ් -19 එන්නත ලබා දෙන ආකාරය දැක්වෙන ඡායාරූප කීපයක් අමාත්‍යවරයාට අයත් නිල ට්විටර් ගිණුමේ පළ කර ඇත.

“කොරෝනා එන්නත ලබාගැනීම සාමාන්‍ය ජීවිතයට නැවත පැමිණීමේ මාර්ගයයි” යනුවෙන් විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතා අමාත්‍ය, ෂෙයික් අබ්දුල්ලා බින් සෙයිද් අල් නහියන් සිය ට්විටර් ගිණුමේ පළ කර ඇත.

කොරෝනා වෛරසයෙන් ජනතාව ආරක්ෂා කිරීම සඳහා කෝවිඩ් -19 එන්නත භාවිතා කිරීම සඳහා එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සැප්තැම්බර් මාසයේදී හදිසි අනුමැතිය නිකුත් කිරීමට කටයුතු කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS