වැඩිපුර වියදම් කරන්න



ඕමානයේ ආර්ථිකය වර්ධනය වීම සඳහා ජනතාව වැඩිපුර මුදල් වියදම් කළ යුතු බව ඕමානයේ මූල්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.

සේවාවන් සඳහා වඩාත් නම්‍යශීලී වීම, වට්ටම් ලබාදීම, මිලදී ගැනීමේ ශක්තිය වැඩි කිරීම, පාරිභෝගික විශ්වාසය ශක්තිමත් කිරීම වැනි කරුණු මඟින් ජනතාව ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබාදෙන බවට විශේෂඥයන්ගේ මතය වී ඇත.

“මම හිතන්නේ ජනතාව ආකර්ෂණය කරගැනීම සඳහා වෙළඳසැල් හිමියන් සහ ව්‍යාපාරිකයන් නව අලෙවිකරණ සැලැස්මක් නිර්මාණය කළ යුතුයි.’’ යනුවෙන් ඕමාන් වාණිජ හා කර්මාන්ත ආර්ථික පර්යේෂණ අංශ ප්‍රධානී, අහමඩ් අල්-හූටි පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS