වලස් කූඩුවට පනින්න හදලා



කුවේටයේ අල්-ඕමාරියා සත්ව උද්‍යානය නැරඹීමට පැමිණි පුද්ගලයකු වලසකු රඳවා ඇති කූඩුවකට පැනීමට උත්සහ කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

නොසැලකිලිමත් ආකාරයෙන් හැසිරුණු පුද්ගලයාට විරුද්ධව නීතිමය පියවර ගන්නා බව අල්-ඕමාරියා සත්ව උද්‍යානයේ අධ්‍යක්ෂ, නසීර් අල්-අටියා ප්‍රකාශ කළේය.

සත්ව උද්‍යානය ලෝක ප්‍රමිතීන්ට අනුව පවත්වාගෙන යන බවත් සත්ව උද්‍යානය නැරඹීමට පැමිණෙන පුද්ගලයිගේ හැසිරීම නිරීක්ෂණය කිරීමට සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා ආරක්ෂිත කැමරා සහ අනිකුත් ආරක්ෂිත උපාංග උද්‍යානය තුල සවිකර ඇති බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS