වංචානික ව්‍යාපාරිකයා අත්අඩංගුවට



සෞදියේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු මෙන්ම ධනකුවේරයෙකු වන පුද්ගලයෙකු ලබාගත් සෞදි රියාල් බිලියන 11ක ණය මුදලක් ආපසු නොගෙවා වංචනික ආකාරයෙන් හැසිරීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීමට සෞදි ඔටුන්න හිමි කුමරු,නියෝජ්‍ය අගමැති සහ ආරක්ෂක අමාත්‍ය, මොහොමඩ් බින් සල්මන් බින් අබ්දුලසිස් අල් සවුඩ් කුමරු නියෝග කර ඇති බව වාර්තා වේ.

උසාවි තීන්දුවට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ණය හිමියන්ට සෞදි රියාල් බිලියන 11ක මුදලක් ගෙවීමට ව්‍යාපාරිකයාට සිදු වී ඇත.

සෞදි නැගෙනහිර පළාතේ අල්-කෝබාර් හි පිහිටා ඇති විදේශ ශ්‍රමිකයින්ට නවාතැන් පහසුකම් ලබාදීම සඳහා භාවිතා කර අත්හැර දමන ලද ගොඩනැගිල්ලක වහලයක් තුල සැඟවී සිටියදී ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළේය.

ව්‍යාපාරිකයාට එරෙහිව නිකුත් කරන ලද උසාවි තීන්දුවට බාධා වන අයුරින් හැසිරුනු නැගෙනහිර පළාතේ ජේෂ්ඨ නිලධාරියකුද අත්අඩංගුවට ගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS