ලක්ෂ 10 ක මුද්දර හොරකම් කරලා



කුවේට් සේවා අමාත්‍යාංශයේ සහකාර උපලේකම්වරයෙක් කුවේට් ඩිනාර් 1,236,316ක් වටිනා මුද්දර තොගයක් අතුරුදහන් කර ඇති බව වාර්තා වේ.

මුද්දර තොගය අතුරුදහන් වීම පිළිබඳව සෙවීම සඳහා විශේෂ කමිටුවක් පත් කර පරීක්ෂණ ආරම්භ කිරීමට අමාත්‍යාංශය පියවර ගත් බව අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක, ආචාර්ය මොහාමඩ් අබ්දුල් රහමන් බු සොබර් සෙයිඩ් ප්‍රකාශ කළේය.

වැඩිදුර විමර්ශන කටයුතු සිදුකිරීම සඳහාසහකාර උප-ලේකම්වරයාවරාජ්‍ය නඩු පැවරීමේ අධිකාරියට භාරදීමට පොලීසිය කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS