රෝගීන්ගේ ආරක්ෂාවට මුල්තැන



කටාර් මහජන සෞඛ්‍ය අමත්‍යාංශයේ සංවිධානයෙන් ‘කටාර් රෝගීන්ගේ ආරක්ෂාව’ යන තේමාව යටතේ පැවැත්වෙන වැඩමුළුවේ තෙවැනි සතිය ඉතා සාර්ථකව පැවැත්විණි.

වැඩමුළුව පැවැත් වූයේ මහජන සෞඛ්‍ය පිළිබඳ අමාත්‍ය වෛද්‍ය මොහොමද් අල් කුවේරිගේ ප්‍රධානත්වයෙනි. රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සෞඛ්‍ය නිලධාරීන් සියයකට වැඩි පිරිසක් මෙම වැඩමුළුවට සහභාගී වූ බව ‘ද පෙනින්සියුලා’ වෙබ් අඩවිය වාර්තා කරයි.

කටාරයේ වෛද්‍ය සේවාවේ ආරක්ෂාව සහ ගුණාත්මය සැමවිටම හොඳ තත්ත්වයක පවතින්නේ කටාර් එමීර් අල් තානීගේ අධීක්ෂණය යටතේ සියල්ල සිදුවන නිසා යැයි රැස්ව සිටි පිරිස අමතමින් අමාත්‍ය වෛද්‍ය මොහොමද් අල් කුවේරි පැහැදිලි කළේය.

(ද පෙනින්සියුලා)

 


RECOMMEND POSTS