රුසියාවෙන් බෝම්බ



සිරියාවේ විපක්ෂ කැරැලිකරුවන් සහ ඉස්ලාමීය ත්‍රස්තාවාදීන්ගේ ග්‍රහණයේ ඇති ඉඞ්ලිබ් පළාතට ගුවනින් බෝම්බ හෙලීම රුසියානු ගුවන් හමුදාව විසින් ආරම්භ කරනු ලැබ ඇත.

බෝම්බ හෙලීම  සිදු කරන්නේ සිරියානු රජයේ හමුදාවට සහාය දක්වමින්, ඔවුන්ගේ උපදෙස් මතය. සිරියානු රජයේ හමුදා පවසා ඇත්තේ හඳුනාගත් ඉලක්කවලට බෝම්බ හෙලීම සිදු කරන බවය.

රුසියාවේ එම බෝම්බ ප්‍රහාරවලින් සිරියානු සිවිල් වැසියන්ට අනතුරක් බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත. රුසියාව හිතුමතේ බෝම්බ ප්‍රහාර එල්ල කරනවා යැයි ජනාධිපති ට්‍රම්ප් චෝදනා කර ඇති බව ද වාර්තා වේ.

(රොයිටර්)


RECOMMEND POSTS