රැකියා අර්බුදයක්



ඉහළ අධ්‍යාපනයක් ලබා ඇති පලස්තීන කාන්තාවන්ට රැකියා සොයා ගැනීමේදි විවිධ ප්‍රශ්නවලට මුහුණදීමට සිදු වී ඇති බව අල්-ජසීරා වෙබ් අඩවිය වාර්තා කළේය.

පලස්තීන කාන්තාවන්ගෙන් 13%ක් උපාධි ලබාගෙන ඇති අතර පිරිමින්ගෙන් 9%කට උපාධි ලබාගෙන ඇති බව වාර්තා වේ.

දේශපාලනිකව සහ සංස්කෘතිකව කාන්තාවන්ට එල්ල වී ඇති පීඩනය හේතුවෙන් ඉහළ අධ්‍යාපනයක් ලබා ඇති කාන්තාවන් රැකියාවක් නොමැතිව නිවෙස්වලට වී නිකරුණේ කාලය ගත කරන බව අල්-ජසීරා වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(අල්-ජසීරා පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS