රතු මුහුදේ නව හවුලක්



රතු මුහුද සහ ඒඩ්න් බොක්ක අවට කලාපීය රටවල් එකමුතු කර ගනිමින්, එම රටවල් මුහුණ දෙන අභියෝග ජය ගැනීමට නව සංවිධානයක් පිහිටුවීම කෙරෙහි සෞදියේ අවධානය යොමු වී ඇත.

අභිනවයෙන් පිහිටුවීමට බලාපොරොත්තු වන මෙම සංවිධානයට එක් වනු ඇත්තේ ඊජිප්තුව, සුඩානය ජිබුර්ටි, සෝමාලියාව, යේමනය සහ ජෝර්දානය යැයි පැවැසෙයි. නව සංවිධානය පිහිටුවීමෙහිලා මැදහත්කරු  වන්නේ සෞදියයි. මෙම නව ‘හවුල’ සම්බන්ධවෙන් එම රටව නියෝජිතයන් සහ සෞදි විදේශ ඇමැතිවරයා අතරේ සාකච්ඡා පැවැත්විණි.

රතු මුහුද සහ ඒඩ්න් බොක්ක අවට කලාපීය රටවලට තුර්කිය, ඉරානය සහ කටාර් රාජ්‍යයෙන් අභියෝග එල්ල වෙයි. එම අභියෝගවලට ශක්තිමත්ව මුහුණ දෙමින්, ඒවාට පැහැදිලි විසඳුම් සෙවීම එකමුතුවක් අවශ්‍ය බව සෞදි විදේශ ඇමැති අබ්දෙල් අල් ජුබීර් එහිදී පැහැදිලි කළේය.

                       

(අල් ජසීරා)


RECOMMEND POSTS