රජයේ සේවකයන්ට කොරෝනා පරීක්ෂණ



සාජා නුවර රජයේ සේවකයන්ට කොරෝනා පරීක්ෂණ 5,000 කට වඩා සිදුකරඇති බව වාර්තා වේ.

රජයේ සේවකයන්ගේ මුලික කොරෝනා පරීක්ෂණ මේවනවිටත් සිදු කර ඇති බව සාජා මානව සම්පත් අධ්‍යක්ෂ කාර්යාලය පැවසීය.

නැවත සේවයට පැමිණීම සඳහා සමස්ථ රජයේ සේවක සංඛ්‍යාවෙන්30%ක ප්‍රතිශතයකට සියළුම පරීක්ෂණ සිදුකර අවසන් බව අධ්‍යක්ෂ කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

රජයේ සේවකයන්ගේ කොරෝනා පරීක්ෂණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහයෝගයෙන් සිදුකරන බව වාර්තා වේ.

එක් පරීක්ෂණයක් සඳහා විනාඩි පහකටත් අඩු කාලයක් ගත වන බවත්, ප්‍රතිඵලය පැය 72ක කාලය තුල කෙටි පණිවුඩයක් මගින් සේවකයා වෙත දැණුම් දෙන බව සාජා මානව සම්පත් අධ්‍යක්ෂ කාර්යාලයේ සභාපති සහ සාජා විධායක සභාවේ සාමාජික,ආචාර්ය තරික් සුල්තාන් බින් කදෙම් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(එමිරේට්ස්247, සාජා නුවර)

RECOMMEND POSTS