යේමනයේ ගලපටල වසංගතයක්



යේමනයෙන් ගලපටල රෝගීන් 471 දෙනකු වාර්තා වී ඇති බවත් යේමන වැසියන් 10 දෙනකුගෙන් එක් අයෙකු රෝගය උත්සන්න වීමෙන් ජීවිතක්ෂයට පත් වන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් වෙයි.

ගලපටලය යනු බැක්ටීරියා රෝගී තත්ත්වයකි. සිවිල් යුද ගැටුම් පිරි යේමනයේ ගලපටලය පමණක් නොව, කෙලරාව ද වසංගතයක් ලෙස පැතිරෙමින් පවතින බව වාර්තා වේ. ගලපටල වසංගත තත්ත්වයක් යේමනයේ ආරම්භ වූයේ පසුගිය වසරේ ජූනි මාසයේ සිට යැයි ද පැවැසෙයි.

පසුගිය දෙසැම්බර් 13 වැනිදා වනවිට ගලපටලය වැළැඳුණු 280 දෙනකු ගැන වාර්තා වුණු බවත් ඒ වනවිට මරණ 33 ක් වාර්තා වී තිබුණු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

යේමනයේ සිවිල් යුද්ධයක් පවතින්නේ එරට රජය පෙරළා දැමූ ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන් සහ සෞදි හිතවාදී යේමන රජය අතරේය.

සෞදියත්, සෞදියට සහාය පළ කරන ඇමෙරිකාව සහ සෙසු මැදපෙරදිග රටවල් එක් වී, යේමනයේ හවුති සටන්කාමීන්ට ගුවන් ප්‍රහාර එල්ල කරයි. සෞදිය යේමනයට සම්බාධක පැනැවීමක් ද සිදු කර තිබේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS