යේමන රොකට් ප්‍රහාරයකින් සෞදි සිවිල් වැසියන් 14කට තුවාල



යේමනයේ හවුදී ත්‍රස්ත සංවිධානය මගින් ඊයේ (11) එල්ල කරන ලද රොකට් ප්‍රහාරයකින් සවුදියේ සිවිල් වැසියන් 14 දෙනෙකු තුවාල ලබා ඇති බව සෞදි සිවිල් ආරක්ෂක අංශය වාර්තා කරයි

මෙම ප්‍රහාරය සිදුවී ඇත්තේ යේමන දේශ සිමාවට ආසන්න අසිර් කලාපයේ ධරන් අල්-ජානොබ් පළාතේය.

මෙම ප්‍රහාරයෙන් සෞදි වැසියන් 13 දෙනෙකු හා  විදේශිකයෙකු (බංගලිදේශ ජාතිකයකු) තුවාල ලබා ඇත.

මෙම ප්‍රහාරයට ලක්වූවන් විවිධ ආකාරයේ තුවාල ලබා ඇති අතර ඔවුන්ව ප්‍රතිකාර සදහා රෝහල් ගත කර ඇති බව සිවිල් ආරක්ෂක ප්රකාශක වන කර්නල් මොහොමඩ් අල්-අස්සෙමි ප්‍රකාශ කළේය.

මෙම ප්‍රහාරය හේතුවෙන් ගෙවල් 3කට හානි සිදුවී ඇත.

හවුදි සටන්කාමීන් විසින් දේශ සීමාවේ සිට නිරනත්රයෙන් සෞදි අරාබියට රොකට් ප්‍රහාර එල්ල කරනු ලබන අතර මෙයට ප්‍රතිප්‍රහාර වශයෙන් සෞදි රජය විසින් ගුවන් ප්‍රහාර එල්ල කරනු ලබයි


RECOMMEND POSTS