යේමන බන්ධනාගාරයකට බෝම්බ හෙලයි



හවුති කැරැලිකරුවන්ට එරෙහිව ගුවන් ප්‍රහාර එල්ල කරන සෞදිය ගුවන් හමුදාව බටහිර යේමනයේ බන්ධනාගාරයකට බෝම්බ හෙලා ඇති බවත් එයින් 100 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇත්තේ, ‘ඩමාර් සිටි’ නගරයටය. බෝම්බ ප්‍රහාරය එල්ල වෙද්දී බන්ධනාගාරයේ රැඳෙවියන් 200 කට ආසන්න පිරිසක් සිටි බව පැවැසෙයි. බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ ගණන 80 කි. යේමන අර්බුදයට සෞදිය මැදිහත් වී යේමනයේ හවුති කැරැලිකරුවන්ට පහර දෙන්නේ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ද සහාය ඇතිවය.

ඩමාර්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS