යේමන අර්බුදයෙන් ඉවත් වෙනවා



යේමන අර්බුදයෙන් ඉවත්වීමට, සෞදියේ ඔටුන්න හිමි කුමරු මොහොමද් බින් සල්මාන්ගේ අදහසක් ඇතැයි ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් වෙබ් අඩවිය අනාවරණය කරයි.

සෞදි ඔටුන්න හිමි කුමරු, ඇමෙරිකාවේ හිටපු ආරක්ෂක උපදේශක ස්ටීපන් හැඞ්ලි සහ ඊශ්‍රායලයේ ඇමෙරිකා තානාපතිවරයකු වී සිටි මාටින් ඉන්ටික් හමුවී පසුගිය දා සාකච්ඡා පැවැත්වීය.

වසර දෙකක් තිස්සේ ඔඩුදුවමින් පවතින යේමන අර්බුදයෙන් ඉවත් වීමට තමන් කටයුතු කරන බව සෞදි කුමරු එම අවස්ථාවේදී පවසා ඇත.

යේමනයේ පැවැතියේ සෞදියේ අනුග්‍රහය ලැබූ රජයකි. ෂියා මුස්ලිම් හවුති සටන්කාමීහු එම රජය පෙරළා යේමනයේ බලය අල්ලා ගත්හ. සෞදිය, ඇමෙරිකාව ඇතුළු ගල්ෆ් රටවල් කීපයක් හවුති සටන්කාමීන්ට එරෙහිව යුද වදී. ඒ, වසර දෙකක් තිස්සේය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS