යේමන සොල්දාදුවෝ සෞදි කඳවුරක් අල්ලා ගනිති



 

 

යේමන හමුදා සොල්දාදුවෝ එරට දේශසීමාව ආශ්‍රිත ‘නජ්රාන්’ පළාතේ සෞදි හමුදා කඳවුරක් අත්පත් කර ගත් බව ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කරයි.
සෞදිය සහාය දක්වන්නේ, යේමනයේ බලයෙන් ඉවත් වුණු ජනාධිපතිට සහාය දක්වන සොල්දාදුවන් සහ සටන්කාමීන්ටය. ජනපතිවරයාට එරෙහිව සටන් වදින්නෝ ‘හවුති’ ෂියා මුස්ලිම් සටන්කාමීහුය. යේමන හමුදාව ද දෙකඩ වී එක් පාර්ශ්වයක් මෙම සටන්කාමීන්ට සහාය දක්වයි. 
සෞදි හමුදා කඳවුර අත්පත් කර ගත්තේ එම හමුදා සොල්දාදුවන් බව ද පැවැසෙයි. කඳවුර අත්පත් කර ගැනීමේ දී, දෙපාර්ශ්වය අතර දරුණු අවි ගැටුම් පැවැතිණි.

RECOMMEND POSTS