යුනෙස්කෝවෙන් ඉවත් වෙන්න හදයි



ඊශ්‍රායල විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා යැයි චෝදනා කරමින්, එක්සත් ජාතීන්ගේ සංස්කෘතික සංවිධානය හෙවත් ‘යුනෙක්සෝ’ සංවිධානයෙන් ඉවත් වීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර ඇතැයි විදෙස් පුවත් සේවා නිවේදනය කරයි.

ඇමෙරිකාව යුනෙස්කෝ සංවිධානය වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 550 ක මුදල් පරිත්‍යාග කිරීමක් යුනෙස්කෝවට ලබා දෙයි. සාමාජිකත්වයෙන් ඉවත් වීමත් සමඟ එම මුදල් ලබා දීම ද ඇමෙරිකාව විසින් නවතා දමනු ඇත.

ඩොනල්ඞ් ට්‍රම්ප් පරිපාලනය ගත් මෙම තීරණය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කළේ ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා හෙදර් නවුරේය.

(රොයිටර්)


RECOMMEND POSTS