යුක්රේන තානාපතිගෙන් ප්‍රශ්න කරලා



ඉරාන විදේශ කටයුතු අමත්‍යාංශය එරට රැඳී සිටින යුක්රේන තානාපති කැඳවා ප්‍රශ්න කළේය. ඒ, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගේ හමුදා උපදේශක මිකැලියෝ පොඩොල්යාක් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමිනි.

හමුදා උපදේශක මිකැලියෝ පොඩොල්යාක්, එම ප්‍රකාශය හරහා ඉරානයට චෝදනා නගා තිබේ.

රුසියාව, ඉරානයේ සහාය ඇතිව, ඉරානයේ නිෂ්පාදිත ඩ්‍රෝන යානා යොදා ගනිමින්, යුක්රේනයට පහර දෙන බව එම ප්‍රකාශයේ සඳහන් වෙයි.

ඉරාන විදේශ කටයුතු අමත්‍යාංශය, තෙහෙරාන් අගනුවර යුක්රේන තානාපතිවරයා කඳවා ප්‍රශ්න කළේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සිය අප්‍රසාදය ද පළ කරමිනි.

රුසියාව ඉරානයේ ඩ්‍රෝන යානා සහ මිසයිල යොදා ගෙන ඒවායින් යුක්රේන නගරවලට පහර දෙනවා යැයි යුක්රේන හමුදාව සහ රජය දිගින් දිගටම චෝදනා කරයි.

(රොයිටර්)


RECOMMEND POSTS