මෝටාර් ප්‍රහාරයකින් සෞදි සොල්දාදුවෝ දෙදෙනෙක් මරුට



යේමන කැරැලිකරුවන් සහ ඔවුන්ට හිතවත් හමුදා සෙල්දාදුවන් එල්ල කළ මෝටාර් ප්‍රහාරයකට හසුවීමෙන් තම හමුදාවේ සොල්දාදුවන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව සෞදි රජය කියයි.

මෝටාර් ප්‍රහාරය එල්ල වී ඇත්තේ යේමන සෞදි දේශසීමාවේ සෞදියට අයත් අල් තුල්වා නමැති කුඩා දේශසීමා ගම්මානයටය. මෙම ගම්මානයේ සෞදි සොල්දාදුවෝ කඳවුරු බැඳ සිටියහ.

හවුති ෂියා මුස්ලිම් සටන්කාමීන් සහ යේමන විපක්ෂය එක් වී, යේමන රජය පෙරළා දැමුවේ 2015 වසරේදීය. අසල්වැසි සුන්නි මුස්ලිම් බහුතරයක් වෙසෙන සෞදිය යේමන අර්බුදයට මැදිහත් වූයේ ඉන්පසුවය.

 

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS