මොසූල් බන්ධනාගාරය ඉරාක හමුදා අතට



ඉරාක හමුදා බටහිර මොසූල් නගරයේ බන්ධනාගාරයක් අත්පත් කරගැනීමට සමත්ව  තිබේ. 

ඉරාක හමුදාවේ 9වන සන්නද්ධ බලකාය සහ මිත්‍ර හමුදාවන් එක්වයි එය අත්පත් කරගනු ලැබ තිබේ.

මෙම බන්ධනාගාරය 2014 වසරේ දී IS ත්‍රස්තයින් අතට පත්වුණි. ඒ සමගම බන්ධනාගාරයේ සිටි රැඳවියන් 600 දෙනෙකු ඝාතනයට ලක්වූහ. තවත් රැඳවියන් 1,500 දෙනෙකු වාහනවල පටවා කාන්තාරයේ හුදෙකලා ප්‍රදේශයකට ගෙනගොස් අතහැර දැමූ බවයි වාර්තා වන්නනේ.

ඒ බව දිවි ගලවා ගත් සිරකරුවන් පිරිසක් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයකට ප්‍රකාශ කර තිබූහ.

 

( තිළිණි ද සිල්වා )
බී.බී.සී ඇසුරෙනි....


RECOMMEND POSTS