මොසුල් සටන දරුණු වෙයි



මොසුල් නුවර බටහිර ප්‍රදේශයේ ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් සහ ඉරාක හමුදාව අතර දරුණු සටන් හටගෙන තිබේ.

මොසුල් නුවර බටහිර ප්‍රදේශය අත්පත් කරගැනීම සඳහා දියත් වූ සටනේ දරුණුම අවස්ථාවට එළැඹ ඇති බව ඉරාක හමුදාවේ අණදෙන නිලධාරියෙකු ඇසෝසියේට් ප්‍රෙස්  පුවත් සේවයට පවසා ඇත .

මෙම මෙහෙයුම ඉරාක හමුදාව විසින් ආරම්භ කරන ලද්දේ මීට දෙසතියකට පෙරදී ය.

එක්සත් ජනපද ගුවන් හමුදාවේ සහාය ලබමින් ඉදිරියට ඇදෙන ඉරාක හමුදාව මේවනවිට සිටින්නේ මෝසුල් පැරණි නගරයේ රජයේ ගොඩනැගිලිවලට මීටර සිය ගණනක් නුදුරිනි.

මෙම ගැටුම් හේතුවෙන් හතළිස් පන්දහසක් පමණ ජනතාව ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව සංක්‍රමණිකයන් සඳහාවන ජාත්‍යන්තර සංවිධානය පවසයි.මොසුල් නුවර නැගෙනහිර ප්‍රදේශය ඉරාක හමුදාව අතට පත්වූයේ පසුගිය ජනවාරි මාසයේදී ය.ඒ සඳහා ඉරාක හමුදාවට මාස තුනක් තිස්සේ සටන් කිරීමට සිදුවිය.

 

( තිළිණි ද සිල්වා )
බී.බී.සී ඇසුරෙනි.....

 


RECOMMEND POSTS