මොසුල් මෙහෙයුමේදී ත්‍රස්තයන් 126ක් මරුට



මොසූල් නගරය මුදාගැනීමේ මෙහෙයුම් වලදී ඉරාක හමුදාව, ත්‍රස්ත විරෝධි බළකාය හා පොලීසිය මගින් එල්ල කරන ලද ප්‍රහාර වලින් දනේෂ් ත්‍රස්තවාදීන් 126 දෙනෙකු මියගොස් ඇත. 

ඉරාක හමුදා ඉදිරියට පැමිණිම වැලැක්වීමට කටයුතු කල ත්රස්තවාදීන් 40 දෙනෙකු නැගෙනහිර පලාතේදි මරාදැමුනු බව ත්රස්ත විරෝධි බලකායේ අණදෙන නිළධාරි, අබ්දෙල් වහාබ් අල්-සෙයිදි ප්‍රකාශ කළේය.

ඉරාක ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කෙළ් ගුවන්හමුදා එල්ලකරන ලද ප්‍රහාරවලින්  ටක්ෆිරි ත්‍රස්තයින් 54 දෙනෙකු මොසූල් දකුණු දිග ප්‍රදේශයේ පිහිටි අවට නගර වලදී මිය ගොස් ඇති  අතර එම ප්‍රහාර වලින් ත්‍රස්තවාදීන් සතුව පැවති වාහන කීපයක් විනාශවී ඇති බවයි.

මීට පෙර දිනයකදී බුද්ධි අංශ වාර්ථා කර සිටියේ  මොසූල් නගරයට බටහිරින් පිහිටි ත්‍රස්තවාදීන්ගේ මර්මස්ථානවලට එල්ල කරන ලද ගුවන් ප්‍රහාර හේතුවෙන් ත්‍රස්තවාදීන් 32කු මියගොස් ඇති බවයි.

මේ අතර අග්‍රාමාත්‍ය හයිඩර් අල්-අබාදි කියා සිටියේ මේ වසර අවසාන වීමට  පෙර ඉරාකයේ විශාලතම දෙවන නගරය වන මොසූල් සම්පූර්ණයෙන්ම  මුදා ගන්නා බවයි.


RECOMMEND POSTS