මුස්ලිම් සහෝදරත්වය විදෙස් ත්‍රස්ත සංවිධානයක්



ඊජිප්තුවේ මුස්ලිම් සහෝදරත්වය පක්ෂය විදෙස් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරිමට පියවර ගන්නා බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කියයි.

‘මුස්ලිම් සහෝදරත්වය’ යනු දේශපාලනික සංවිධානයකි. මෙය ඊජිප්තුවේ පැරැණිතම මුස්ලිම් සංවිධානයයි. අදවනවිට මැදපෙරදිග කලාපයේ මිලියනයක පිරිසක් මෙම සංවිධානය සමඟ එක් වී සිටින බව පැවැසෙයි.

මුස්ලිම් සහෝදරත්වය විදෙස් ත්‍රස්තවාදී සංවිධානයක් යැයි ඇමෙරිකාව නම් කළොත්, ඊට එරෙහිව සම්බාධක පැනවෙයි. එවිට මුස්ලිම් සහෝදරත්වය සංවිධානය වෙනුවෙන් මුදල් රැස් කිරීම කළ නොහැකිය. සංවිධානයේ සාමාජිකයන්ට ගමන් බිමන් තහනම් වෙයි. ඒ අනුව සංවිධානයේ කටයුතු මුළුමනින්ම අඩපණ කිරීම ඇමෙරිකාවේ බලාපොරොත්තුවයි.

ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්, මුස්ලිම් සහෝදරත්වය සංවිධානය විදේශීය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමට සැරැසෙන්නේ, ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සීසීගේ ඉල්ලීමට අනුවය.

පසුගිය මාසයේ ජනාධිපති අල් සීසී ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට පැමිණ ධවල මන්දිරයේ දී ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් හමුවී සාකච්ඡා පැවැත්වීය. එහිදී මුස්ලිම් සහෝදරත්වය සංවිධානය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS