මීටර් 700 දිග කුරාණයක්



පාසල් අධ්‍යාපනයෙන් පසුව තමාම ඉගෙන ගත් චිත්‍ර ශිල්පය භාවිතා කරමින් මීටර් 700 දිග කුරාණයක් නිර්මාණය කිරීමට ඊජිප්තු චිත්‍ර ශිල්පියකු සමත් වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ඊජිප්තුවේ උතුරු කයිරෝ නුවර බෙල්කිනා නගරයේ පිහිටා ඇති චිත්‍ර ශිල්පියාගේ නිවස තුල ඇති බිත්ති සහ සිවිලිම් වල ඉස්ලාමීය චිත්‍ර නිර්මාණය කර ඇති බව වාර්තා වේ.  

“මේ කුරානය මීටර් 700ක් දිගයි,විශාල කොල ප්‍රමාණයක් ගිහිල්ලා තියනවා, අවුරුදු තුනක් තිස්සේ මගේම සල්ලි වියදම් කරලා තමයි මේක නිර්මාණය කළේ. මම සාමාන්‍යකෙනෙක්, එච්චර වත්කමක් මට නෑ“ යනුවෙන් සාද් මොහොමඩ් නම් චිත්‍ර ශිල්පියා ප්‍රකාශ කර ඇත.

තමන් නිර්මාණය කල දේ ගිනස් කමිටුවට යොමු කිරීමට අදහස් කරගෙන සිටින බව මොහොමඩ් ප්‍රකාශ කළේය.

මුද්‍රණය කරන ලද විශාල ප්‍රමාණයේ කුරාණ පිළිබඳව වාර්තාවන් තිබුණත් අතින් ලියන ලද විශාල ප්‍රමාණයේ කුරාණයන් පිළිබඳව වාර්තා වී නොමැති බව ඊජිප්තු ගින්ස් කමිටුව ප්‍රකාශ කර ඇත.

තමන් නිර්මාණය කරන ලද කුරාණය ගිනස් කමිටුවට ඉදිරිපත් කිරීම සඳහා උදව් උපකාර කරන ලෙසරජයට හෝ ඒ සඳහා කැමැත්තක් දක්වන පුද්ගලයෙකුට කුරාණ නිර්මාණ ශිල්පියා වන සාද් මොහොමඩ් ඉල්ලීමක් කළේය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි) 


RECOMMEND POSTS