මිසයිල ප්‍රහාරය වළක්වා ගනී



සිරියාවේ ඩමැස්කස් අගනුවරට ඊශ්‍රායල හමුදා එල්ල කළ මිසයිල ප්‍රහාරයක් වළක්වා ගැනීමට සිරියානු ගුවන් හමුදාවේ මිසයිල නාශක පද්ධතිය සමත් වූ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

සිරියානු ගුවන් හමුදාවට මෙම මිසයිල නාශක පද්ධතිය රුසියාවෙන් ලැබී ඇති අතර, නගරයට එල්ල වුණු සතුරු මිසයිල කල්තියා හඳුනා ගැනීමටත් ප්‍රති මිසයිල එල්ල කිරිමටත් එය සමත් වූ බව වාර්තාවේ.

ඇතැම් විදෙස් වාර්තා පැවැසුවේ, ඊශ්‍රායල හමුදා එල්ල කළ එක් මිසයිලයක් ඩමැස්කස් අවි ගබඩාවකට වැදුණු බවත් එයින් සිරියානු සොල්දාදුවෝ තිදෙනෙක් තුවාල ලැබූ බවත්ය.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS