මිනිස් ජාවාරම් මැඩලීම පොතක්



ඩුබායි රාජ්‍යයේ වරින් වර සිදුවන මිනිස් ජාවාරම් මැඩලීම සඳහා ඩුබායි පොලීසියට අයත් මිනිස් ජාවාරම් අපරාධ පාලන මධ්‍යස්ථානය පියවර ගෙන ඇති බව Al Bayan පුවත්පත වාර්තා කළේය.

මුලික පියවරයක් ලෙස පිටු 121කින් යුත් මාර්ගෝපදේශන පොතක් නිකුත් කර ඇති අතර එහි මිනිස් ජාවාරම සම්බන්ධ නීති උපදෙස්, විද්‍යාත්මක උපදෙස් සහ මිනිස් ජාවාරමට සම්බන්ධ ඉතා සංකීර්ණ නඩු විස්තරයන් පිළිබඳ කරුණු ඇතුළත් කර ඇති බව ඩුබායි මිනිස් ජාවාරම් අපරාධ පාලන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, කර්නල් අබ්දුල්රහ්මාන් අල්-ෂාර් ප්‍රකාශ කළේය.

විවිධ කාලයන් වලදී කලාපීය සහ ජාත්‍යන්තර තුල සිදුවු මිනිස් ජාවාම් පිළිබදව නීති විද්වතුන් ලියන ලද විශ්ලේෂණාත්මක සහ විද්‍යාත්මක ලිපි අඩංගු වේ.

මිනිස් ජාවාරම් නතර කිරීම සඳහා විශාල පරිශ්‍රමයක් දරණ බවත් ගල්ෆ් කලාපයේ මිනිස් ජාවාරම සහ වහල් මෙහෙකාරකම් නතර කිරීමට කටයුතු කල පළමු රට එමිරේට්ස් රාජ්‍යය බව අබ්දුල්රහ්මාන් අල්-ෂාර් වැඩිදුරටත්  ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
අරේබියන් ටයිම්ස් ඇසුරිනි


RECOMMEND POSTS